2026-08-11 15:31:00 Hours
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025 ඔක්තෝබර් 3 වනදා සංස්ථාගත කර ඇත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ලබාදුන් අරමුදල්වලින් මිලදී ගත් පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම සමාගම මේ වනවිට කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එහි වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී ඇති බව සඳහන්.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස් රථ 112ක් සේවයට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ප්‍රවාහන මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ යටතේ අංගසම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදිකිරීම, තලංගම, කඩවත, රත්මලාන සහ හෝමාගම යන ප්‍රදේශවල නවීන බස් ඩිපෝ ඉදිකිරීම මෙන්ම අභ්‍යන්තර මාර්ග සහ බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීමට නියමිතයි.
එම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම වසරේ රුපියල් මිලියන 800ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමටත්, 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5ක ප්‍රාග්ධනයක් ලබාදීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk