2026-08-09 21:31:00 Hours

වසරේ මුල් මාස 7ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 5.3 ඉක්මවයි


...

මෙම වසරේ මුල් මාස 7 තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, එය පසුගිය වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ ඩොලර් මිලියන 4,435.2ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක්.

ඒ අනුව, පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 947.2කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 777.6ක්.

එය ජුනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 697.3ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඩොලර් මිලියන 80.3ක වර්ධනයක් බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

ඒ අනුව, මෙම වසරේ ජූලි මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් පසුගිය ජුනි මාසයට සාපේක්ෂව සියයට 11.5ක පමණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk