2026-10-13 14:22:00 Hours
2027 පාසල් වර්ෂය වෙනුවෙන් පාසල් දරුවන් ලක්ෂ 15කට රුපියල් 6,000 බැගින් ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10කට අදාළ දීමනාව බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට නියමිතයි.
එමෙන්ම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනාගත් තවත් පාසල් දරුවන් ලක්ෂ 5කට රුපියල් 6,000ක් වටිනා වවුචර්පත් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
2025 වසරේ සිට ක්‍රියාත්මක පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2027 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk