2026-08-07 09:37:00 Hours
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (07) උදෑසන ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසනවා.
එම ගැටුමෙන් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk