2026-07-30 10:38 Hours
මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර ලෙස ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමට අමෙරිකානු හමුදාව නිවේදනය කර තිබෙනවා.
එරට මධ්‍යම අණදෙන මධ්‍යස්ථානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්නක් තබමින් පැවසුවේ පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට එරෙහිව මෙම ප්‍රහාර ලබාදුන් බවයි.
ඉරාකයේ ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් අමෙරිකාව සහ සෞදි අරාබිය ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් දියත් කර දිනකින් පසුව මෙම නවතම ගැටුම හටගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි මසදී අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව මෙම යුද්ධය ආරම්භ කරන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙම යුද්ධය සති කිහිපයකින් අවසන් වනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම යුද්ධය මේ වන විට මාස 5ක් පුරා පැවැත්වෙනවා.
සති කිහිපයක සාපේක්ෂව සාමකාමී තත්ත්වයකින් පසු මෙම ගැටුම් නැවත උත්සන්න වෙමින් පවතින අතර එහිදී දෙපාර්ශවයෙන් ප්‍රහාර අත්හිටුවෙමින් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස පළකළා.
මේ අතර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම සමඟ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල නැවත ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය තුළ ඉරාන - අමෙරිකා ගැටුම කෙටි කාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවැති අපේක්ෂා බිඳ වැටෙනු ඇති බව විදෙස් විචාරකයින් පවසනවා.
මේ අනුව ඊයේ (29) දිනයේ සිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
එය මේ වන විට අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් තිබෙනවා.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.93ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk