2026-07-24 10:43 Hours
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ Sports Commune ආයතනය සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට තරගාවලියේ හිමිකාරීත්වය දරන Innovative Production Group (IPG) ආයතනය තීරණය කර තිබෙනවා.
IPG පවසන්නේ, ගිවිසුම්ගත මූල්‍යමය වගකීම් ඉටු කිරීමට එම ආයතනය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර, LPL තරග සඳහා බලපෑම් කිරීමට තැත් කළ බවට එල්ල වූ චෝදනා මත ජැෆ්නා කිංග්ස් හිමිකරුවන් මෙරට බලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම ගිවිසුම අහෝසි කිරීම එම අපරාධ පරීක්ෂණයට අදාළ නොවන බව IPG අවධාරණය කරනවා.
ගිවිසුම අවලංගු කිරීමත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අදාළ සියලු හිමිකම් නැවත IPG වෙත පැවරී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව කණ්ඩායමේ සම්පූර්ණ මෙහෙයුම් IPG විසින් භාරගෙන තිබෙනවා.
එමෙන්ම, හයවන LPL තරගාවලිය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එම නමින්ම තරගාවලියට තවදුරටත් එක්වන බවද සංවිධායකයින් තහවුරු කර ඇත.
ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයේ සියලු ගිවිසුම් සහ ගෙවීම් පිළිබඳ වගකීම් IPG සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගෙන ඇති අතර, මේ වන විට ක්‍රීඩක ගෙවීම්වලින් සියයට 90ක් පමණ සිදුකර අවසන් බවද සඳහන්.
මේ අතර, මේ දක්වා පැවැත්වූ තරඟවලින් LPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ Galle Gallants පෙරමුණ ගෙන තිබෙනවා.
ඒ තරඟ 4කින් තරඟ 3ක් ජය ගනිමින්.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය Colombo Kaps දිනාගෙන ඇති අතර තරඟ 4න් දෙකක් ජයගෙන තිබෙනවා.
Dambulla Sixers කණ්ඩායම තරඟ 4න් තරඟ දෙකක් ජයගෙන ගැනීමට සමත්ව ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk