2026-08-07 10:28 Hours
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (08) ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකිරීමට සිදුවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
රැඳවියන් අතර හටගත් මෙම නොසන්සුන්තාවෙන් මේ වන විට රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මීට අමතරව නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk