2026-07-31 08:38:00 Hours

ගාසා සාම සැලැස්මට එකඟතාවක් ඇතිවූ බව ට්‍රම්ප් කියයි


...

ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, තමන් යෝජනා කළ "Trump 20-Point Plan" ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම එකඟතාව සැලකෙන බවයි.

එම සැලැස්ම අනුව අදියර කිහිපයක් යටතේ නිරායුධකරණය සිදු කෙරෙන අතර, ඒ සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කිරීමටත්, ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් ආරක්ෂක කටයුතු භාර ගැනීමටත් නියමිත බව ට්‍රම්ප් පවසනවා.

මෙම එකඟතාව සඳහා මැදිහත්වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ද ඔහු සිය ස්තුතිය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, කයිරෝ නුවර පැවති සාකච්ඡාවල යම් ප්‍රගතියක් වාර්තා වුවද, යෝජිත කොන්දේසි ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීනුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk