2026-08-06 20:21:00 Hours

මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපති අතට


...

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳ විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදී තිබෙනවා.

අද (06) පාර්ලිමේන්තු විවාදය අතරවාරයේ ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසුවා.

ජුනි මස 5 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් රැඳවියන් විසි දෙනෙක් සහ නිලධාරීන් දස දෙනෙක් මියගොස් තිබුණා.

තවද නිලධාරීන් 21 දෙනෙකු සහ රැඳවියන් 106 දෙනෙක් ඉන් තුවාල ලැබූ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඔහු සඳහන් කළේ අදාළ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට මේ වන විට ගෙවා ඇති බවත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට ඔබ්බෙන් ගොස් කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සෙවීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කර ඇති බවත්ය.

මේ අනුව වන්දි ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සහ නිලධාරීන් ලබාගෙන ඇති ණය පිළිබඳව ද එම කමිටුව මඟින් තීරණය කිරීමට නියමිතයි.

ඊට අමතරව ගැටුමෙන් තුවාල ලද නිලධාරින්ගේ තත්ත්වය සහ පූර්ණ ආබාධිත තත්ත්වය සම්බන්ධයෙන් ද සොයාබලා ඊට සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම අදාළ කමිටුව හරහා සිදු කෙරෙනු ඇති බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk