2026-08-06 21:25:00 Hours

බලපත්‍ර රහිත මාර්ගගත සූදු වෙබ් අඩවි 146ක් අවහිර කිරීමට TRCSL පියවර


...

ශ්‍රී ලංකාවේ බලපත්‍රයකින් තොරව ක්‍රියාත්මක වන මාර්ගගත සූදු වෙබ් අඩවි 146කට මෙරට තුළ සිට ප්‍රවේශ වීම අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සඳහන් කළේ, නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට අදාළ වෙබ් අඩවි අවහිර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිට එම වෙබ් අඩවි වෙත ප්‍රවේශය අවහිර කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව TRCSL අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා ප්‍රකාශ කළා.

මෙම පියවර ගෙන ඇත්තේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනතේ ප්‍රතිපාදන අනුව සිදු කළ දැනුම්දීමකට අනුව බව ද සඳහන්.

එම පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම, 44 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි නීතිවිරෝධී වරදක් බව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය අවධාරණය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk