2026-08-07 10:01:00 Hours

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 11කට තුවාල


...

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති බවයි.

තවද රැඳවියන් 9 දෙනෙක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ වන විට එහි ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව සඳහන්.

ඊයේ (06) රාත්‍රියේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා එම නිලධාරීන්ගේ සහයෝගය ලබාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඇති වූ තත්ත්වය සම්බන්ධව මේ වන විට වැඩිදුර විමර්ශනයක් ආරම්භ කිරීමට බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබෙනවා.

මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk