2026-08-07 09:15:00 Hours

සාගරගේ ප්‍රකාශය ගැන පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වයි


...

පොලිස්පතිවරයා සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අනුව එම ප්‍රකාශ සම්බන්ධව සැප්තැම්බර් මස 24 වනදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

එම ප්‍රකාශය සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී අදාළ විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අධිකරණයේ අවසරය හිමිව ඇති බව වාර්තා වනවා.

මේ අනුව විමර්ශන සිදුකර ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පතිවරයා පිළිබඳව සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශ සම්බන්ධව සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලීසියට ලබාදෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාධ්‍ය ආයතන 6කට නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk