2026-07-31 14:46 Hours

ලොව විශාලතම විවෘත මූලාශ්‍ර ඇති AI ආකෘතියක් චීනයෙන් එළිදක්වයි


...

චීනයේ Moonshot AI සමාගම විසින් නිෂ්පාදනය කළ Kimi K3 නම් විවෘත මූලාශ්‍ර කෘත්‍රිම බුද්ධි (AI) මහා පරිමාණ ආකෘතිය පසුගිය 27 වැනිදා සිට ලොව පුරා භාවිතය සඳහා නොමිලේ විවෘත කර තිබෙනවා.

ට්‍රිලියන 2.8ක පරාමිතීන්ගෙන් සමන්විත Kimi K3, මේ දක්වා නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය ලෙස සැලකෙනවා.

Moonshot AI සමාගමේ ප්‍රධානතම AI නිෂ්පාදනය වන මෙම ආකෘතිය සමඟ සම්පූර්ණ ආකෘති දත්ත, තාක්ෂණික වාර්තා සහ පුහුණු කිරීම සඳහා අවශ්‍ය මූලික තාක්ෂණික පහසුකම් ද සංවර්ධකයින්ට ලබාදී තිබෙනවා.

ඒ අනුව, ලොව පුරා AI සංවර්ධකයින්ට මෙම ආකෘතිය නොමිලේ බාගත කර තමන්ගේම පරිගණක පද්ධති මත භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

චීනය මීට පෙර ද විවෘත මූලාශ්‍ර AI ආකෘති හඳුන්වා දී තිබුණද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත මෙතරම් විශාල AI ආකෘතියක් පූර්ණ වශයෙන් ගෝලීයව විවෘත කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

මෙම වසර තුළ චීනයේ ප්‍රමුඛ පෙළේ AI සමාගම් රැසක් සිය AI ආකෘති විවෘත මූලාශ්‍ර ලෙස නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර, එය ගෝලීය AI තරගකාරීත්වයේ නව ප්‍රවණතාවක් ලෙස ද සැලකෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk