2026-07-27 18:37 Hours

ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ ජනපති අතර හමුවක්


...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේදී මුහුණපා ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයට ලබාදිය හැකි සහයෝගය සහ දායකත්වය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයන් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි සහ ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk