2026-07-29 07:52:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්ථන කමිටුව පවසනවා.
එම කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා කියා සිටින්නේ නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද භාවිත කළ හැකි ගණන 39ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ක්‍රීඩා සංගම් සඳහා ඡන්ද හිමිකම් ලබාදීම සම්බන්ධව නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති බව සඳහන්.
ඒ මහතා පෙන්වා දෙන්නේ Tier 1 තරඟාවලි සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩා සංගම්වලට ඡන්ද දෙකක් හිමිවන බවත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආකාරය අනුව හිමිකම් ලබාදීමට කටයුතු කරන බවත්ය.
ඊට අමතරව වසර ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ඇතැම් ක්‍රීඩා සංගම්වලට ද ඡන්ද දෙක බැගින් හිමිවීමේ ක්‍රමය නව ව්‍යවස්ථා ඔස්සේ අවසන් වන බවද ඔහු පැවසුවා.
ඒ මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවේ මුලික මුලධර්මයක් ලෙස විනිවිදභාවයට විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 20ක් වන අතර, එය 14 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත්ය.
මේ අතර කෙටුම්පත් කර ඇති නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි මෙන්ම වෙනස් නොවන ස්ථාවර ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඔහු පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික පරිපාලන කටයුතු ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ පරිපාලන කණ්ඩායම වෙත පැවරීමට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම දක්වා පමණක් සීමා කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
මෙම වෙනස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බව ඒ මහතා අවධාරණය කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk