2026-08-03 07:34:00 Hours
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මහවැලි ගඟ ද්රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්රදේශවලට ගංවතුර අවධානමක් ඇති බවයි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (03) මධ්යම රාත්රී 12.30 නිකුත් කර ඇති අතර එය හෙට (04) මධ්යම රාත්රී 12.30 දක්වා වලංගු වනු ඇති.
අදාළ ප්රදේශවල මහවැලි ගඟ අවට සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස සහ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවද ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk