2026-10-23 18:26 Hours
විහාරමහාදේවී උද්යානය අසල උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේ නමක් වන පූජ්ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (23) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, පසුගියදා පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයට සම්බන්ධ බවට කස්සප හිමියන් සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.
CIB II 289/237 යන අංකය යටතේ ගොනුකර ඇති පැමිණිල්ලෙන් ජවිපෙ පෙන්වා දෙන්නේ අදාළ ප්රකාශය මඟින් අසත්ය තොරතුරු ප්රචාරය කර මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවයි.
එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයාට පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම කාර්යාලයේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීමේ අවදානම පිළිබඳවත් විමර්ශනය කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම පක්ෂය ඉල්ලා තිබෙනවා.
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සහ ෆේස්බුක් සටහන් ද පොලිසිය වෙත භාරදී ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk