2026-10-23 09:41:00 Hours
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව, විරෝධතාවට එක්ව සිටින පූජ්ය උලපනේ සුමංගල හිමියන්, පූජ්ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්රියාකාරීන්ට සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද මෙම නියෝගය අදාළ වනවා.
විහාර මහාදේවී උද්යානයේ බුදු පිළිමය අසල පරිශ්රය, ඇවිදින මංතීරු සහ එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස එම නියෝගයෙන් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, මල් පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිට සහ විහාර මහාදේවී උද්යානයේ බුදු පිළිමය අවට පරිශ්රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය කඩ කිරීම, දණ්ඩ නීති සංග්රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද අධිකරණ නියෝගයේ දැක්වෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk