2026-08-22 09:20 Hours
ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ අද (22) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට නාවල විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර ඇත.
අවමංගල්‍ය කටයුතු සිදුවන අයුරු පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා,
"උදේ 10ට පාංශුකූල කටයුතු සිදුකෙරෙනවා. ඒ වෙලාවේ පැයක විතර කාලයක් මහජන ගෞරවය සඳහා පිරිසට සහභාගී වෙන්න අවස්ථාවක් නැති වෙයි. පසුව නැවත සවස 3:30 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලැබෙනවා. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කරනවා. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු කෙරෙනවා. එතනදී උත්සව සභාවක් සිදුවෙන්නේ නැහැ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk