2026-08-21 20:46:00 Hours

මීගමුව බන්ධනාගාරයේ මියගිය නිලධාරීන්ගේ පවුල්වලට රු. ලක්ෂ 20 බැගින් වන්දි


...

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණා.

එහිදී ජීවිතක්ෂයට පත් වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ඔවුන්ගේ ඥාතීන් සහ දූ දරුවන් වෙත පිරිනමා තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අතරතුර බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙම වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබාදීම සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා සඳහන් කළේ, අනපේක්ෂිත අවස්ථාවකදී සිදුවූ මෙම සිදුවීම හමුවේ අදාළ නිලධාරීන්ගේ සියලු තොරතුරු සම්පූර්ණයෙන් ලබාගැනීමකින් තොරව වුවද වන්දි මුදල් කඩිනමින් ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර, බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා සඳහන් කළේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට අමතරව තවත් සහන රැසක් ලබාදීමේ වැඩපිළිවෙළක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk