2026-08-21 20:36:00 Hours

මාලනිය නුඹයි උඩවැඩියා මලක් වෙලා මේ දෙරණේ, යළි ඉපදුණු


...

ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක වූ ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය සිය හෘදයාංගම සංවේගය පළ කර තිබෙනවා.

දශක හයකට අධික කාලයක් පුරා ඇයගේ ගැඹුරු, සවිමත් සහ මධුර හඬ ශ්‍රී ලාංකීය සමාජය අවදි කරමින් මෙන්ම සුවපත් කරමින් සංස්කෘතික හා සමාජීය මතකයේ නොමැකෙන සලකුණක් තැබූ බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඇය හුදු ගායන ශිල්පිනියක පමණක් නොව, ශ්‍රී ලාංකීය ආත්මයේ මහා නාදය ලෙස ජනතාවගේ හදවත් තුළ රැඳී සිටින බවද එහි දැක්වෙනවා.

මේ අතර, නන්දා මාලනී මහත්මියගේ නාමය සොබාදහම හා සම්බන්ධ වීමද විශේෂත්වයක් බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය විසින් ඇයට උපහාරයක් ලෙස නම් කරන ලද “Ascocenda Nanda Malani” උඩවැඩියා මල, ඇගේ නාමය සොබාදහම තුළ සදාතනික කළ සංකේතයක් ලෙස එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

නන්දා මාලනී මහත්මියගේ ගී හඬ නිහඬ වුවද, ඇයගේ ගීත තුළින් දැල්වූ හෘද සාක්ෂිය කිසිදා නිහඬ නොවන බවත්, ඇයගේ ගීතාවලිය පරපුරෙන් පරපුරට නොමැකෙන උරුමයක් ලෙස පවතිනු ඇති බවත් පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කලා කෙත අස්වැද්දූ එම අග්‍රගණ්‍ය හඬට සදාතනික උපහාර පුද කරන බවද පරිසර අමාත්‍යාංශය සිය ශෝක පණිවුඩයෙන් අවධාරණය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk