2026-08-21 20:53:00 Hours
වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,381 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති අතර, රෝගී මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වන බවයි.
අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් ඩෙංගු රෝගීන් 8,043 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජූලි මාසයේදී රෝගීන් 29,964ක් සහ ජුනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, ඊට සාපේක්ෂව අගෝස්තු මාසයේදී රෝගීන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.94%ක්, එනම් රෝගීන් 49,440 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
දකුණු පළාතෙන් රෝගීන් 13,697ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,441ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,888කි. කොළඹින් රෝගීන් 18,535ක් සහ මහනුවරින් 6,755ක් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව මාතරින් 6,077ක්, කළුතරින් 6,040ක්, ගාල්ලෙන් 5,122ක් සහ රත්නපුරයෙන් 4,979ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 3,760කි.
මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk