2026-08-06 16:45 Hours
දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ නොදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
මේ අනුව මෙම පනත් කෙටුම්පත නැවත සංශෝධනයට ලක්වනු ඇති.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක.
ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න...."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk