2026-08-06 11:57:00 Hours

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණයක්


...

ආපදා තත්ත්වයක් නොමැති බැවින්, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත කාලසටහන්වලට අනුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එහිදී පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, විභාග පැවැත්වෙන දිනවලදී විශේෂ කාලගුණික අවදානමක් ඇති වන බවට මෙතෙක් පුරෝකථනය වී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, සැලසුම් කළ පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන බව අදාළ ආයතන සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk