2026-08-06 09:25:00 Hours

ඩෙංගු මරණ 63 දක්වා ඉහළට - රෝගීන් 88,000ත් ඉක්මවයි


...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ නවතම දත්තවලට අනුව, ඊයේ (05) වන විට මේ වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේ මේ දක්වා පමණක් නව ඩෙංගු ආසාදිතයින් 2,739 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.27ක ප්‍රතිශතයක්.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්, මහනුවරින් 6,195ක්, මාතරින් 5,910ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 5,753ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට යළිත් සිහිපත් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk