2026-08-01 20:59:00 Hours
මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් රැඳවියෙකු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බැවින් ඒ අවට රැඳී සිටින ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලීසිය ඉල්ලීමක් ද කර තිබෙනවා.
කෙසේ වෙතත්, රැඳවියන් බැලීම සඳහා පැමිණි ඥාතීන් පිරිසක් තවදුරටත් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර, මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිස් මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර ඇති බව සඳහන්.
ඒ සමඟ ආරක්ෂක අංශ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර, එහිදී පිරිසක් විසින් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථ ද මහර බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදේශයට කැඳවා ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk