2026-09-15 11:34:00 Hours
දුම්රිය සේවාව කාර්යක්ෂම කරමින් මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව සම්පත ශක්තිමත් කිරීම යටතේ නව පත්වීම් 100ක් ලබාදී තිබෙනවා.
ඒ අනුව දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා බඳවාගත් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (14) සිදුකෙරුණා.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදුකර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය සේවාව අඛණ්ඩව සහ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත ශක්තිමත් කිරීම යටතේ මෙම වසර තුළ පමණක් විවිධ තනතුරු සඳහා සේවකයින් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි.
එමෙන්ම 2027 වසරේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඇතුළු පුරප්පාඩු සඳහා අනුමත තරග විභාග මත බඳවාගැනීම් සිදුකිරීමටද සැලසුම් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk