2026-09-14 20:26:00 Hours

ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් සමඟ සාමාන්‍ය පෙළ විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්


...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් මොඩියුල හඳුන්වාදීමටද සැලසුම් කර ඇති බව සඳහන් වුණා.

2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර අවසන් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන්ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk