2026-09-13 08:05:00 Hours
ජාතික ජන බලවේගයට කිසිවෙකුගෙන් පිළිගැනීමේ චේතනාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුවේදී පැවති ජාතික ජන බලවේගයේ ගොවි රැලිය අමතමිනි.
පලිගැනීමට අවශ්‍යතාවක් තිබුණා නම් 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දිනයේ දී එවැනි දෑ සිදුකරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
“අපිට කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නැහැ. පළිගන්නවා නම් පළිගන්න තිබ්බෙ කවද්ද ? 2024 සැප්තැම්බර් 21. එහෙම අපි පළිගන්නෙ නැහැ. සමහර අය අපෙන් ඇහුවා කල්යනකොට සහෝදරයා කල්යනවා වැඩියි නිකම්, අහුවෙන්නෙ නැද්ද හොරු කියලා.
අපි ඒගොල්ලන්ට කිව්වා කලබල වෙන්න එපා, මේක මම හොරෙක් කියලා නම් කරලා එයා අරන් හිරේ දාන එක නෙවෙයි වැඩේ. හොඳට පරීක්ෂණ කරන්න ඕනෙ. උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕනෙ. උසාවියට ඔප්පු කරලා හිරේ දාන්න ඕනෙ. පරීක්ෂණවලට ලොකු කාලයක් ඇදෙනවා. අපි පරීක්ෂණ කරලා තියෙනවා.
ඇත්තටම මේ අවුරුදු දෙක ගත්තොත් මේ අවුරුදු දෙකෙන් වැඩි කාලයක් කරලා තියෙන්නෙ පරීක්ෂණ. දැන් ඒ පීරියඩ් එක ඉවරයි. දැන් මොකක්ද ? අල්ලන පීරියඩ් එක. අල්ලනකොට කියනවා මොකක්ද පළිගන්නවා ලු. පළිගන්න ? මොකටද අපි පළිගන්නෙ ? අපිට කාත් එක්කවත් තරහක් නැහැ.
ඔය කාත් එක්කවත් අපිට ඉඩම් ආරවුල් නැහැ. හැබැයි අපිට නඩුවක් තියෙනවා බේරාගන්න. මේ රට මේ විනාශයට පත්කරපු දූෂිතයින්ට දඬුවම් දීමේ නඩුව තියෙනවා බේරාගන්න.
කවුරු මොනතරම් අනුකම්පා කරන්න උත්සාහ කළත් - කට්ටිය කඳුළු පෙන්නලා අනුකම්පාව දිනාගන්න – නෑ. තාත්තාට තිබ්බා පුතාලා හොරකම් කරනකොට අඬලා පුතේ එපා කියන්න. ඇල්ලුවාට පස්සෙ කඳුළු හළලා වැඩක් නැහැ.
තාත්තාට තිබුණෙ පුතා හොරකම් කරනකොට පුතේ ඔය වැඩේ කරන්න එපා කියන්න. පුතාට රිසි සේ හොරකම් කරන්න දීලා අල්ලපුවාම කඳුළු එනවා. ඕවාට අපි අහුවෙන්නෙ නෑ හොඳේ. කඳුළුවලට මේක යටපත් වෙන්න ඉඩදෙන්නෙ නැහැ.
අනුකම්පාවට මේක යටපත් වෙන්න ඉඩදෙන්නෙ නැහැ. ආච්චිටත් නීතිය එකයි, මවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා, සහෝදරයාද බාප්පොච්චිද ඔක්කෝටම එහෙමයි”
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk