2026-09-14 09:11:00 Hours
පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල තීරණය කිරීමේ යාන්ත්‍රණයක් යළි ක්‍රියාත්මක කරන ලෙස මෙරට ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ඉන්ධන බෙදාහැරීමේදී ඔවුන් මුහුණදී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඒකාබද්ධ කරුණු දැක්වීමක් සිදුකර ඇති බවයි ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ නාවික ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් මේ වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 170ක පමණ අලාභයක් ලබන බවද වාර්තා වනවා.
මේ අතර එම නිලධාරියා සඳහන් කළේ රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 20ක සහනාධාරය ජුලි මාසයේ සිට අත්හිටුවීමත් සමඟ ඉදිරි ඉන්ධන ඇණවුම් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමේදී ගැටලු මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම්වලට සාධාරණ මිලක් යටතේ අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, පිරවුම්හල් සේවකයින් සඳහන් කළේ පිරවුම්හල් වෙත සීමිත ඉන්ධන තොග පමණක් ලැබෙමින් පවතින බවයි.
එමෙන්ම ඇතැම් පෞද්ගලික පිරවුම්හල්වල ඩීසල් නොමැති බව දැක්වෙන පුවරුද ප්‍රදර්ශනය කර ඇති බව ඔවුන් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk