2026-08-31 14:37:00 Hours
නේපාලයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවද ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,247කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්න රසුවා ප්‍රදේශයේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින ජල විදුලි බලාගාරයක උමං තුළ කම්කරුවන් 350කට අධික පිරිසක් සිරවී සිටින බවට අනාවරණය වී තිබෙනවා.
ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
නේපාල ආපදා කළමනාකරණ අධිකාරියේ සේවකයින් 10,000කට අධික පිරිසක් එම මෙහෙයුම සඳහා යොදවා ඇති අතර, චීන සහ ඉන්දීය විශේෂඥයින්ගේ සහයද ලබාගෙන ඇති බව වාර්තා වනවා.
නේපාල ගුවන් හමුදාවේ සහාය ඇතිව බර යන්ත්‍රෝපකරණ ද අදාළ ප්‍රදේශ වෙත රැගෙන ගොස් ඇති අතර, උමං තුළ සිරවී සිටින කම්කරුවන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර, ජල ගැලීම් හේතුවෙන් නේපාලයේ විදුලි බලාගාර පද්ධතියෙන් සියයට 10කට වැඩි ප්‍රමාණයකට දැඩි හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නේපාලය සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් හිම කඳු නායයෑමට ලක්වීමත් සමඟ බොටේ කොෂි ගංගාව එක්වරම පිටාර ගැලීමෙන් පසුගිය 26 වනදා මෙම ආපදා තත්ත්වය හටගෙන තිබූ බව සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk