2026-09-15 12:31:00 Hours
කොළඹ, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අවදානම සම්බන්ධයෙන් පළමු අදියරේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (15) පෙරවරු 10ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16) පෙරවරු 10 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙනවා.
ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
කෑගල්ල දිස්ත්‍රික්කය:
* වරකාපොල
* රුවන්වැල්ල
කළුතර දිස්ත්‍රික්කය:
* දොඩන්ගොඩ
* බුලත්සිංහල
* බේරුවල
* ඉංගිරිය
* මතුගම
* පාලින්දනුවර
* වලල්ලාවිට
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk