2026-09-04 18:11:00 Hours

කුසල් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරඟාවලියෙන් ඉවතට


...

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් නායක කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) නිවේදනය කළේ, නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ ආබාධවලින් ඔවුන් දෙදෙනා තවමත් සුවය ලබමින් සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කුසල් මෙන්ඩිස් එම තරගාවලියේදී දකුණු පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර, බිනුර ප්‍රනාන්දු කොන්දේ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායකත්, බිනුර ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මධුශංකත් එංගලන්තයට එරෙහි විස්සයි20 සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට විස්සයි20 කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත පවරා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ කරමින් පළමුවෙන් විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, තරග තුනකින් සමන්විත එහි පළමු තරගය එළැඹෙන 15 වැනිදා සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk