2026-09-10 06:42 Hours

මත් ජාවාරම්කරුවෙකුගේ මිතුරෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්


...

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසකට ඊයේ (09) රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, රාත්‍රී 11.45ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ ගේට්ටුවෙන් ඇතුළට අත්බෝම්බයක් දමා පලාගොස් ඇති බවයි.

අත්බෝම්බය පුපුරා යාමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකකට සහ වීදුරුවලට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණක් බවයි පොලීසිය සඳහන් කළේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ නිවසේ හිමිකරු වන තරිඳු රවිෂාන් නමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිසානායක මුදියාන්සේලාගේ අවිෂ්ක ඒෂාන් නමැත්තාගේ මිතුරෙකු බවයි.

එමෙන්ම, ඔහු අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයන් සමඟ සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk