2026-08-26 20:38:00 Hours
නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 403 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන්වූවන් අතර කාන්තාවන් 200 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 203 දෙනෙකු සිටින බව සඳහන්.
දේශසීමාව ආසන්නයෙන් ගලා බසින බෝත්කොෂි ගඟ ඔස්සේ විශාල ජල කඳක් එක්වරම පහළ ප්‍රදේශ වෙත ගලා ඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවී, භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙම ජල ගැලීම සිදුව ඇති බව සඳහන් වනවා.
ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් හදිසි ලෙස හිම දියවීම සිදුවන්නට ඇති බවටද සැක පළ කරනවා.
ගංවතුර හේතුවෙන් බෝත්කොෂි ගඟ ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවල මාර්ග, පාලම් සහ යටිතල පහසුකම් රැසකට මෙන්ම විදුලි බලාගාර ව්‍යාපෘතිවලටද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන්ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk