2026-09-15 13:06:00 Hours
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන මහත්වරුන්ට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවටයි නියෝග කර ඇත්තේ.
එමෙන්ම අදාළ විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතා විසින්ද පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන්.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
එම පැමිණිල්ල දේශපාලනික අරමුණකින් සිදුකළ ද්වේෂ සහගත පැමිණිල්ලක් බවත්, එම පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කිරීමෙන් ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk