2026-08-26 21:08:00 Hours

නායයෑම සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් විශේෂ උපදෙස් මාලාවක්


...

චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

අද (26) පෙරවරු 10.30ට පමණ චීන-නේපාල දේශසීමා කලාපයේ නේපාල සීමාවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.

එම නායයෑමෙන් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව දැනගත් වහාම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආපදා තත්ත්වයෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

ජන ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් විධිමත්ව සිදු කරන අතරම, ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ අවදානම් තත්ත්වයන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාද උපදෙස් ලබා දෙමින් විපතට පත්වූවන් බේරා ගැනීම, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා උපරිම උත්සාහයන් ගත යුතු බව සඳහන් කර ඇති බව සඳහන්.

එමෙන්ම ආපදා වැළැක්වීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු කඩිනමින් හා නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk