2026-09-01 21:33:00 Hours

මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දෙයි


...

ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මෙය තමන්ට වේදනාකාරී තීරණයක් වුවද, සමුගැනීමට නිවැරදි කාලය එළඹ ඇති බව තමන්ට වැටහෙන බවයි මෙසී පවසා ඇත්තේ.

39 හැවිරිදි ලයනල් මෙසී 2022 වසරේ කටාර් රාජ්‍යයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ආජන්ටිනා කණ්ඩායම ශූරතාව කරා මෙහෙයවීමට සමත් වුණා.

ඔහු මේ වනවිට ආජන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 207කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් රැස්කරගෙන තිබෙනවා.

ඒ අනුව ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ සහ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසද ලයනල් මෙසී ඉතිහාසගත වී සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk