2026-08-26 14:12:00 Hours

අධිවේගී මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්


...

අධිවේගී මාර්ග පිවිසුම් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ එම මාර්ගයේ යග්ගහපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවීම සඳහා දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැපැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හුවමාරුවෙන් පිටවීම සඳහා මෙන්ම පිටත වටරවුමේ මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවෙන් පිටවීම සඳහා දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.

අදින් ආරම්භ වන දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ගවල පිවිසීමේ සහ පිටවීමේ දොරටුවල මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk