2026-08-26 20:06:00 Hours
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආපදාවට ලක්ව ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීමෙන් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන් වනවා.
ගංවතුර හේතුවෙන් බෝත්කොෂි ගඟ ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද විනාශ වී තිබෙනවා.
එමෙන්ම රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන්ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk