2026-08-25 11:54:00 Hours
ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් ආරම්භ කරන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබෙනවා.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර ඇත්තේ ඉරානයට දැඩි ආර්ථික බලපෑම් එල්ල කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
ලොව පුරා ඉරානය සිදුකරන මූල්‍ය කටයුතු ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම මෙහෙයුම යටතේ ඉරානයේ තෙල් ඇතුළු සියලු ආදායම් මාර්ගවලට බලපෑම් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඉරානය සමඟ ගනුදෙනු කරන වෙනත් රටවල් සහ සමාගම්වලටද සම්බාධක පැනවීමට කටයුතු කරන බව ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලොව රටවලට අමෙරිකාව හෝ ඉරානය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන බවයි.
“Operation Economic Outcast” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම “ආර්ථික D-Day” ලෙසද බෙසන්ට් හඳුන්වා දී තිබෙනවා.
ඉරාන තෙල් සමඟ සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගන්නා බවටද ඔහු අනතුරු අඟවා ඇත.
නව සම්බාධක යටතේ ඉරානයේ ඩිජිටල් වත්කම්, තාක්ෂණය, රන්, ගුවන් සේවා සහ නාවික ක්ෂේත්‍ර ඉලක්ක කර තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං, චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල පිහිටි සමාගම් සහ පුද්ගලයින් 60 දෙනෙකුටද සම්බාධක පනවා ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ අමෙරිකානු සම්බාධක ඉරානයට අලුත් දෙයක් නොවන බවයි. ඉරාන ජනතාව මර්දනය කිරීම සඳහා අමෙරිකාව පැරණි ක්‍රමවේද නැවත භාවිත කරන බවද ඔහු චෝදනා කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk