2026-08-26 12:27:00 Hours

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් අලුත්වැඩියා කිරීමට චීනයෙන් මූල්‍ය ආධාර


...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පාලම් 14ක් අලුත්වැඩියා කිරීම සඳහා චීන රජය මූල්‍ය ආධාර ලබාදීමට එකඟ වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පළමු අදියර යටතේ මාස 18ක කාලයක් තුළ පාලම් 9ක් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා චීනයෙන් යුවාන් මිලියන 7,929ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නියමිතයි.

අදාළ මූල්‍ය ආධාරය ලබාගැනීම සඳහා චීන රජය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව සඳහන් වනවා.

මෙම වැඩසටහන නිශ්චිත රජයේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk