2026-08-26 18:27:00 Hours

නේපාලයේ ගංවතුරෙන් පුද්ගලයින් 31ක් මරුට - 400ක් අතුරුදන්


...

නේපාලයේ රසුවා ප්‍රදේශයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන්වූවන් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු සිටින බවද සඳහන්.

චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා දිස්ත්‍රික්කයට මෙම ගංවතුර තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවීමෙන් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වී ඇති අතර, ඒ හේතුවෙන් විශාල ජල කඳක් එක්වරම පහළ ප්‍රදේශ වෙත ගලා ඒමෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.

ගංවතුර හේතුවෙන් බෝත්කොෂි ගඟ ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද විනාශ වී තිබෙනවා.

එමෙන්ම රසුවා දිස්ත්‍රික්කයේ මාර්ග, පාලම්, යටිතල පහසුකම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ටිබෙටයේ ගිරොං ප්‍රාන්තයෙන්ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk