2026-08-24 16:56:00 Hours
බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදී අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුණු 59 හැවිරිදි කාන්තාවක් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.
දියවන්නා ඔයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් පිරිසක් අදාළ කාන්තාව දියේ ගිලෙමින් සිටිනු දැක වහාම ක්‍රියාත්මක වී ඇය බේරාගෙන ඇති බව වාර්තා වනවා.
බේරාගත් කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව සඳහන්.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk