2026-08-24 16:51:00 Hours
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 94,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,962කි.
ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 8,701ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක්, පෙබරවාරි මාසයේදී 5,721ක්, මාර්තු මාසයේදී 6,013ක්, අප්‍රේල් මාසයේදී 5,651ක් සහ මැයි මාසයේදී 8,590ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.93ක් එනම් රෝගීන් 49,771ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.
දකුණු පළාතෙන් රෝගීන් 13,763ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,519ක් වාර්තා වී තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 20,034කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,652ක් වාර්තා වී ඇති අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,787ක් වාර්තා වී තිබෙනවා.
මහනුවරින් රෝගීන් 6,818ක්, කළුතරින් 6,093ක්, ගාල්ලෙන් 6,079ක්, රත්නපුරයෙන් 5,160ක් සහ මාතරින් 5,003ක් වාර්තා වී ඇත.
කෑගල්ලෙන් රෝගීන් 2,713ක්, කුරුණෑගලින් 2,651ක් සහ හම්බන්තොටින් 2,510ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත්, උණ තත්ත්වයක් පවතින්නේ නම් නොපමාව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk