2026-08-24 21:55:00 Hours
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21ක් ගොනු කර තිබෙනවා.
විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක සහ තරුණ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
මීට පෙරද ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය රන්ජන් අබේරත්න ඇතුළු පිරිසක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබුණා.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනතා පරමාධිපත්‍යයට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑම් එල්ල වන බවයි.
එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk