2026-10-28 11:59:00 Hours
හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ප්රකාශයක් තරයේ ප්රතික්ෂේප කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බව අවධාරණය කළ ඔහු, නීතිඥ සංගමය විසින් එවැනි ප්රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළා.
හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් දැඩි කනස්සල්ල පළ කර තිබුණා.
එම නිවේදනයේ දැක්වුණේ, මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන් ඔහුගේ සිරුරේ දැඩි ලෙස පහරදීමකට ලක්වූ බවට සැක මතුවන තුවාල නිරීක්ෂණය කළ බව ප්රකාශ කර ඇති බවයි. එහෙත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා ඊට වෙනස්ව, මෙහෙයුමක් අතරතුර ඔහු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දුන් බව ප්රකාශ කර ඇතැයි ද නීතිඥ සංගමය සඳහන් කර ඇත.
මෙම පරස්පර ප්රකාශ සැලකිල්ලට ගනිමින් මරණයට හේතු වූ කරුණු ස්වාධීනව තහවුරු කරගැනීම සහ සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පැවැත්වීම අත්යවශ්ය බව ද ශ්රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk