2026-10-28 10:49:00 Hours
මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු රැගත් යාත්රාවක් අතුරුදන්ව තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ එම යාත්රාව සොයා නාවික හමුදාව, ගුවන් හමුදාවේ ද සහාය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
අදාළ යාත්රාව පසුගිය 21 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය 23 වැනිදා යාත්රා හිමිකරු සමඟ සන්නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව යාත්රාව සමඟ පැවති සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති බවට යාත්රා හිමිකරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
මේ අතර, මුලතිව්, පුදුමාතලන් ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තිදෙනෙකු රැගත් යාත්රාව සොයා ද මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව නාවික හමුදාව සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk