2026-10-27 20:57:00 Hours
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්රියාත්මක කිරීමේදී ප්රදේශයේ ජනතාව ඉවත් කිරීමක් සිදු නොවන බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මේ සම්බන්ධයෙන් සමාජයේ පවතින ආන්දෝලනාත්මක අදහස් පිළිබඳව මාධ්යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.
අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් මෙම සැලැස්ම සකස් කර ඇති බවයි ඔහු පැවසුවේ.
ඒ සඳහා අටමස්ථානාධිපති හිමියන් ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා හත්නමක් සහ රාජ්ය ආයතන රැසක් එක්ව කටයුතු කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ද අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම සැලැස්ම සම්බන්ධයෙන් සමාජයේ ඇතැම් පාර්ශ්ව අසත්ය ප්රචාර පතුරුවන බව ද අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළා.
කෙසේ වෙතත්, පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ අනවසර පදිංචිකරුවන් සිටී නම්, ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්ය කටයුතු සිදුකරන බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළා.
"මේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්රියාත්මක කරන්නේ අති ගෞරවණීය අටමස්ථානානයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා හත්නම ඇතුළුව අනුරාධපුර දිස්ත්රික් ලේකම් ඒ වගේම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, අපේ නුවරගම් පළාතේ ප්රාදේශීය ලේකම්, පොලිස්පති. පුරා විද්යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික අරමුදල ඇතුළු මේ සියලු නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් සහ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන්. එතකොට මේ පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ක්රියාත්මක කරන වැඩපිළිවෙලක්.
මේක මාස කිහිපයකට කළින් තමයි සාකච්ඡාව ආරම්භ වුණේ, ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්නත් ඉදිරිපත් වුණේ, ජනාධිපතිතුමත් අවස්ථා කිහිපයකදී මේකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවට අපේ අතිගෞරවණීය අටමස්ථානාධිපති නායක හාමුදුරුවොත් සම්බන්ධ වුණා.
මේක මේ පූජා නගරය සංවර්ධනය, සංරක්ෂණය කිරීම සඳහා ගෙන වන වැඩසටහනක්. හැබැයි ඔබට පේනවා මේ විහාරමහාදේවියේ හිටපු ටීම් එකම දැන් ටක් ගාලා එතන ඉවර වෙච්ච ගමන් පනිනවා මේ වැඩේට.
මේ අයට තියෙන්නේ රට අස්ථාවර කරන වැඩසටහනක් මිසක් ජනතාව තුළ ජාති, ආගම පදනම් කරගෙන සැක සංකා ඇති කිරීමේ වැඩසටහනක් මිසක් එහෙම දේශපාලනයක් නෑ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk