2026-10-09 09:51:00 Hours
කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හලක් ඉදිරිපිට අද (09) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk